සුරාබදු බලපත්‍ර ගැන තීරණයක්

0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක්

නැවත දැනුම් දෙනතුරු කිසිදු සුරා බදු බලපත්‍රයක් නිකුත් නොකරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුරා බදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

පසුගිය ජනවාරි 01 වැනිදායින් පසු සුරාබදු බලපත්‍ර ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය සහානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ සභාගත කර තිබුණි.

සහානායක අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ, එම කාලය තුළ සුරා බදු බලපත්‍ර 361ක් නිකුත් කර ඇති අතර ඉන් 172ක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන අල්ලස් ලෙස ලබා දී ඇති ඒවා බවය.

මේ අතර, මාසිකව ගෙවිය යුතු අධිහාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම නිසා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ සිට බලපැවැත්වෙන පරිදි අත්හිටු වීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එමෙන්ම, හිඟ බදු මුදල් හා අධිහාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් සමාගමට නිකුත් කර ඇති සියලුම මත්පැන් බලපත්‍ර මේ මස 31න් පසු දීර්ඝ නොකරන බවද සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එවන් පසුබිමක අදාළ සමාගම වෙත නිකුත් කර තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටු වීමට පියවර ගන්නා බව දැනුම්දෙමින් සුරා බදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ ලිපිය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙන්ඩිස් සමාගම ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (04) තීන්දු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com