ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමට අදාල මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවයි

0
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවයි

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවයි

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළව 3%ක මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙම පියවර ගත්බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටියේ, සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව හෙට (5) දිනයේ සිට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්හිටු වූ බවයි.

ඒ අනුව දෙසැම්බර් මස 5වනදා සිට මත්පැතන් නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමටත්, එම හිඟ බදු මුදල් හා අධිභාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත්කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍රද දෙසැම්බර් මස 31 දිනෙන් ඔබ්බට දීර්ඝ නොකිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන්ය.

මේ අතර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද දිනයේදි(04) තීන්දු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com