බුද්ධි තොරතුරකින් මිලියන 8ක අම්බර් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට
යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත නොච්චියාගම පොලිසියේ නිලධාරින් සමග එක්ව සෙනසුරාදා දින (23) සිදුකල වැටලීමකදී මිලියන අටකට ආසන්න වටිනාකමකින් යුත් තල්මසුන්ගෙන් ලබාගන්නා ඉතා වටිනා අම්බර් නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අනුරාධපුර නගරයේදි අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලිසිය සමත් විය.
අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සතුව කිලෝග්රෑම් එකක අම්බර් මෙලෙස සන්තකයේ තබාගෙන සිට ඇත. එහි වටිනාකම මිලියන අටකට ආසන්නය වේ.
අවුරුදු 36ක් වන තංගල්ල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ අවුරුදු 24ක් වන ගලෙන්බිඳුනුවැව කොකාවැව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමග ප්රවාහනය සඳහා යොදා ගන්නා ලද යතුරුපැදියක් අත්අඩංගුවට ගන්නා ලද අතර ඉදිරි නීතිමය කටයුතු කටයුතු නොච්චියාගම පොලිසිය විසින් සිදු කරයි.