වසරේ ගතවූ කාලය තුළ රු. මිලියන 18‍,000ක මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

0
වසරේ ගතවූ කාලය තුළ රු. මිලියන 18‍,000ක මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

වසරේ ගතවූ කාලය තුළ රු. මිලියන 18‍,000ක මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 18‍,000කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සදහන් කළේ පසුගියදා සිය නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමග රුපියල් මිලියන 18,790කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බවය.

පසුගිය නොවැම්බර් 16වන දින ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී බහුදින ධීවර යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 46කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයාගැනුණි.

එම යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකුද නාවික හමුදා භාරයට ගත් අතර ඔවුන් සඳුදා (18) දිනයේ ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබීය.

එම ධීවරයින් වයස අවුරුදු 23ත් 33ත් අතර ගන්ධර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය තොගය සමග බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත බාරදුන් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com