විදේශ ගත අයට උපත්, විවාහ හා මරණ සහතික පිටපත් Online ක්‍රමයට

0

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති කාර්යාල, ඔස්ට්‍රේලියාවේ මෙල්බන්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළදී ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීමට හැකි වන සේ සකසා ඇති ක්‍රමවේදය අනුව විදේශ තානාපති කාර්යාල හරහා ද එම සහතික නිකුත් කිරීමට හැකිවන පරිදි රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වාගෙන යනු ලබන e- BMD දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com