මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොස්ටර් අලවමින් සිටි සැකකරුවන් 4කට රු.ලක්ෂ 8ක දඩ
මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩයක්
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ලිදුල නගරයේ මනාප අංක සහිත පොස්ටර් අලවමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු ලිදුල පොලිසිය විසින් ඉකුත් ඉරිදා (10) දින අත්අඩංගුවට ගෙන අද(12) දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනි මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් වරද පිළිගත් නිසා චූදිතයෙකුට රු ලක්ෂ දෙක බැගින් චූදිතයන් සිව්දෙනාට රු ලක්ෂ අටක දඩ මුදලක් ගෙවන ලෙසට සහ දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව සැකකරුවන් නිදහස් කරන ලෙසටයි නියෝග කර තිබෙන්නේ.
මෙසේ දඩ මුදල් ගෙවන ලෙසට නියෝග කරනු ලැබුවේ ලිදුල පොලිස් වසමට අයත් මටුකැලේ වතුයායේ පදිංචිකරුවන් සිව්දෙනෙකුටයි.
ප්‍රජාතන්ත්‍රවාදි ජනතා හඩ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂිකාවකගේ මනාප අංක සහිතව අලවා තිබූ පොස්ටර්වල මුද්‍රණ ආයතනයක් හෝ අයෙකුගේ නාමයක් සඳහන් නොකිරීම නිසා සැකකරුවන් සිව්දෙනා ලිදුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණ බවයි සඳහන් වන්නේ.




