දේශබන්දුගේ පත්වීම ගැන ජනපතිගේ ස්ථාවරය කියන්න, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා අවස්ථාවක් ලබාදෙන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර දුන්නේය.
ඒ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුලු පාර්ශව අටක් ගොනු කර ඇති පෙත්සම් අද දිනයේ (11) විභාගයට ගත් අවස්ථාවේදීයී.
යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබුවේය.
එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, කථානායකවරයා ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දේශබන්දු තෙන්නකෝන් මහතා, නීතිපතිවරයා ඇතුලු පිරිසක්.
පෙබරවාරි 24 සහ 25 පෙත්සම් යළි කැඳවීමට නියමිතයි.