කෝටි 355ක වැට් බදු පැහැර හැරීමට නියම කළ සිරදඬු­වම බල රහිත කර­න්නැයි දිනෙන්ද්‍රගෙන් පෙත්ස­මක්

0
EPF පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

EPF පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

රජ­යට අය­විය යුතු රුපි­යල් බිලි­යන 3.5ක (කෝටි 355ක්) වැට් බදු ගෙවීම් නොගෙවා පැහැර හැරීම සම්බ­න්ධ­යෙන් කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය තමන්ට නියම කර ඇති මාස 06ක සිරදඬු­වම බල රහිත කර තමන්ව ඇප මත මුදා­හ­රින ලෙස ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ව­ර­යකු වන ඒ.රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන්; රිට් පෙත්ස­මක් මඟින් කර ඇති ඉල්ලීම පිළි­බඳ නියෝ­ගය ලබන 12 වැනිදා ප්‍රකා­ශ­යට පත් කිරී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය අද (08) තීර­ණය කළේය.

එම රිට් පෙත්සම සම්බ­න්ධ­යෙන් පෙත්සම් කාර පාර්ශ්වය වෙනු­වෙන් සහ නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මේ බව ප්‍රකාශ කරන ලදි. සෝභිත රාජ­ක­රුණා සහ මහේන් ගොප­ල්ලව යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳ­වන ලදි. පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ රසික් සරුක් මහතා සඳ­හන් කළේ රුපි­යල් බිල­යන 3.5කට ආසන්න වැට් බදු නොගෙ­වීම සම්බ­න්ධ­යෙන් පෙත්ස­ම්කරු ඇතුළු පිරි­ස­කට එරෙ­හිව දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ නඩු­වක් ගොනු කර ඇති බවය.

එම නඩු­වට අදා­ළව වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බ­න්ධ­යෙන් තම සේවා දාය­කයා වර­ද­කරු බවට 2023 වසරේ නොවැ­ම්බර් මස 23 වැනිදා තීර­ණය කළ බව ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය. ඒ අනුව ඉකුත් ඔක්තෝ­බර් මස 14 වැනිදා මාස හයක ලිහිල් සිර දඬු­ව­මක් නියම කළ අතර වාරික වශ­යෙන් එම මුදල් ගෙවී­මට කළ ඉල්ලීමද මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය ප්‍රති­ක්ෂේප කළ බව ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සද­හන් කළේය.

අන­තු­රුව සිය සේවා දාය­ක­යාට මාස හයක සිර දඬු­වම් නියම කළ බවද ඔහු දන්නා සිටි­යේය. එම සිර දඬු­වම් නියම කර තිබෙන ආකා­රය නීති­යට පට­හැනි වන බැවින් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ එම නියෝ­ගය බල රහිත කර ඔහු ඇප මත මුදා­හ­රින ලෙස ජනා­ධි­පති නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. එහිදී නීති­ප­ති­ව­රයා ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් අනූපා ද සිල්වා මහ­ත්මිය සඳ­හන් කළේ මෙම පෙත්සම සම්බ­න්ධ­යෙන් තමන් මූලික විරෝ­ධතා ඉදි­රි­පත් කරන බවය.

කරුණු වසන් කර­මින් මෙම පෙත්සම ඉදි­රි­පත් කර ඇති බව ඇය සඳ­හන් කළාය. මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් දෙන ලද නියෝ­ග­යට එරෙ­හිව ප්‍රති­ශෝ­ධන ඉල්ලී­මක් මහා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට හැකි­යාව තිබි­යදී එසේ නොකර අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට රිට් පෙත්ස­මක් ඉදි­රි­පත් කර­මින් ඇප ඉල්ලා සිටින්නේ කෙසේ­දැයි ඇය ප්‍රශ්න කළාය. වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බ­න්ධ­යෙන් 2023 වසරේ නොවැ­ම්බර් මස 23 වැනිදා මෙම පෙත්ස­ම්කරු මහේ­ස්ත්‍රා­ත්ව­රයා වර­ද­කරු කළ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය අදාළ බදු මුදල් ගෙවී­මට වස­රක කාල­යක් ලබා දී තිබූ බව ඇය සඳ­හන් කළාය.

එම බදු මුදල් ගෙවී­මට පෙත්ස­ම්කරු කට­යුතු කර නොමැති බැවින් ඒ මෙම සිර දඬු­වම් නියම කෙරුණු බවත් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය පෙන්වා දුන්නාය. මෙම පෙත්සම විභා­ග­යට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ඇය අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යාය. දෙපා­ර්ශ්වය ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලූ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල ඒ සම්බ­න්ධ­යෙන් වන නියෝ­ගය ප්‍රකාශ කිරීම කල් තැබී­මට තීර­ණය කළේය. ඩබ්ලිව්. එම්. මෙන­ඩිස් සහ ඒ.රන්දෙව් දිනේන්ද්‍ර ජෝන් ගොනු කළ මෙම පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් බණ්ඩාර ඉලං­ග­සිංහ, එම අධි­ක­ර­ණයේ රෙජි­ස්ට්‍රා­ර්ව­රයා ඇතුළු පිරි­සක් වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com