පාසල් අධ්‍යාපන කටයුතු සඳහා සමාජ සන්නිවේදන යෙදවුම්(social media apps) යොදා ගැනීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්

0
පාසල් අධ්‍යාපන කටයුතු සඳහා සමාජ සන්නිවේදන යෙදවුම්(social media apps) යොදා ගැනීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්

පාසල් අධ්‍යාපන කටයුතු සඳහා සමාජ සන්නිවේදන යෙදවුම්(social media apps) යොදා ගැනීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා ‘සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම අමාත්‍යංශ ලේකම්, ජේ.එම්.ටී ජයසුන්දර මහත්මිය විසින් අදාළ චක්‍රලේඛය සියලූම විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇත.

මෙම චක්‍රලේඛයට අනුව කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පාසල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණයට වට්ස්ඇප්, වයිබර් හා ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන මෙවලම් භාවිත කිරීම හඳුන්වා දුන් අතර මේ වනවිටත් එම යෙදවුම් දරුවන් භාවිත කරමින් සිටියි.

මේ හේතුවෙන් ඇති වෙන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යංශයට තොරතුරු වාර්තා වෙමින් පවතින බව අදාළ ලිපියේ සඳහන් වෙයි.

ඒ අනුව සන්නිවේදන යෙදවුම් භාවිතයේදී චක්‍රලේඛයේ දක්වා ඇති උපදෙස් පරිදි කටයුතු කරන ලෙස සියලු ගුරුවරුන් හා අදාළ පාර්ශවයන් වෙත දැනුම්දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com