රු.150,000ක අල්ලස් ගත් විදුහල්පතිනියක් අත්අඩංගුවට
කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් 150,000ක අල්ලස් ගත් බව කියන රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින්ය.
සැකකාරිය පැමිණිලිකාරියගේ දරුවා 2025 වර්ෂයේදී පළමු ශ්‍රේණියට ඇතුළත්කර ගැනීම සඳහා මෙම මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




