සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක්

සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක්

සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක්

සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක් සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත අදාළ සංගණනය සිදුකෙරෙන බව සදහන් වේ. ඒ අනුව අද (26) සහ හෙට (27) යන දෙදින තුළ දිස්ත්‍රික්ක 4ක් කේන්ද්‍ර කරගනිමින් සහල් තොග පිළිබඳ සංගණනය පැවැත්වෙනු ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ ඊට අදාළ වාර්තාව සඳුදා දිනයේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවය.

වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින බවත් අලෙවිය සඳහා තබා ඇති සහල් අධික මිල ගණන්වලින් යුක්ත බවත් පසුගිය දිනවල දිගින් දිගටම පාරිභෝගිකයින් චෝදනා කළේය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මහ පරිමාණ සහල් මෝල් ව්‍යාපරිකයින් ගෙන්වා සාකච්ඡාවක්ද පැවැත්වු අතර එහිදී ජනාධිපතිවරයා නියෝග කළේ පාලන මිලට සහල් අලෙවි කරන ලෙසය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *