බැසිල්ටත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

0
බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව විභාගවන නඩුවේ තුන්වන විත්තිකරු ලෙසට ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

එම නඩුව පසුගිය සිකුරාදා (25) දිනයේ කැදවූ අවස්ථාවේදී ඇමෙරිකාවේ සිට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනුම්දී ඇත්තේ තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.

අදාළ ඉඩම ජර්මන් ජාතිකයෙකුගෙන් මිලදී ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ කැනඩාවේ වෙසෙන සහෝදරියකගේ නමින් වන අතර අදාළ ඉඩම මිලදී ගත් ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරා ඇත.ඒ එම මුදල් ලැබී ඇති ආකාරය නිශ්චිතව සනාත කිරීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන්.

ඒ අනුව ඉදිරි නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට බැසිල් රාජපක්ෂට අධිකරණය විසින් නියෝග කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com