මධ්‍යම පළාතේ වාර විභාග ප්‍රශ්නපත්‍ර මාරු වීමක්

මධ්‍යම පළාතේ වාර විභාග ප්‍රශ්නපත්‍ර මාරු වීමක්

මධ්‍යම පළාතේ වාර විභාග ප්‍රශ්නපත්‍ර මාරු වීමක්

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් දෙවන වාර විභාගයට අදාළව පළාතේ පාසල්වල 08 හා 09 ශ්‍රේණිවල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට එකම දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අදාළ ප්‍රශ්න පත්‍රය 08වැනි ශ්‍රේණියට අදාළ එකක් බවත් යම්කිසි වරදකින් එම ප්‍රශ්න පත්‍රයම 09වැනි ශ්‍රේණියේ දරුවන්ටද ලබා දී තිබෙන බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා පැවැසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවත් 09වැනි ශ්‍රේණියේ දරුවන්ට අදාළ දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය යළි ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය. අදාළ ප්‍රශ්නය පත්‍ර සැසඳීමේ දී ඒවාහි ශ්‍රේණිය පමණක් 08 හා 09 ලෙස සඳහන්ව තිබෙන බවත් ප්‍රශ්න පත්‍ර දෙකේම ප්‍රශ්න සියල්ල සමාන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවැසුවේය.

මධ්‍යම පළාතේ අධ්‍යාපනය විශාල ලෙස කඩා වැටීමකට ලක්ව තිබෙන බව හා මෙයට ප්‍රධාන හේතුව පරිපාලන දුර්වලතා බවද ඔහු පැවසීය.

මෙම සිදුවීම සුළුකොට නොතකා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මැදිහත්ව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. විභාග සම්බන්ධයෙන් දරුවන් හා මවුපියන් තුළ පවතින විශ්වාසය පසුගිය කාලය පුරා වූ විවිධ සිදුවීම් හේතුවෙන් පළුදු වී ගොස් තිබෙන බවත් මෙවැනි සිදුවීම් නිසා එම තත්ත්වය තවත් ඉහළ යන බවත් හෙතෙම පැවැසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *