නව ආරක්ෂිත ක්‍රමවේද වලින් සමන්විත නව විදේශ ගමන් බලපත්‍රය

සතියේ වැඩ කරන දිනකදී පැය හතරෙන් පාස්පෝට් ලබාගැනීමට පහසුකම්
නව ආරක්ෂිත ක්‍රමවේද වලින් සමන්විත අලුත් පන්නයේ විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරිම පසුගිය සඳුදා දින (21) සිට සිදු කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
පෙර පැවති එන් අක්ෂරය වෙනුවට පී අක්ෂරයෙන් සමන්විත මෙම විදෙස් ගමන් බලපත්‍රය පැහැයෙන්ද වෙනස් විම විශේෂත්වයක්. තද දුඹුරු පැහැයෙන් යුත්
පැරණි විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට නිල් පැහැයෙන් යුත් මෙම නව විදෙස් ගමන් බලපත්‍රය එක්දින සේවාව යටතේ ලබාගන්නා ඉල්ලුම්කරුවන් සදහා දැනට ලබාදිම සිදු කෙරෙනවා.
පෙර පැවති පිටු 64 වෙනුවට පිටු 48කින් සමන්විත විමද මෙහි විශේෂත්වයක්. ඇතුළත පිටුවල දේශිය අනන්‍යතාව සහිත ඡායාරූප ඇතුළත් කර තිබිමද දැකගත හැකියි.
ශ්‍රි දළදා මාලිගය, පොළොන්නරුවේ ඓතිහාසික ස්ථාන, සීගිරිය, නල්ලූර් කෝවිල, ගාල්ල ලන්දේසි කොටුපවුර, දෙමෝදර ආරුක්කු පාලම ආදි සංචාරක ආකර්ශනය සහිත ස්ථාන ඒ අතර වනවා.
කෙසේ වෙතත් සාමාන්‍ය සේවා යටතේ දැනටමත් ඉල්ලුකම් කර ඇති අය සදහා එන් ශ්‍රේණියේ ගමන් බලපත්‍ර නිකුත් කිරිම තවදුරටත් සිදු කෙරෙනවා.