පල්ලේගමගේ සිද්ධිය නිසා දැන් දානේ වේලක්වත් ලැබෙන්නේ නැහැ – ජාතික භික්ෂු එකමුතුව

0
පල්ලේගමගේ සිද්ධිය නිසා දැන් දානේ වේලක්වත් ලැබෙන්නේ නැහැ – ජාතික භික්ෂු එකමුතුව

පල්ලේගමගේ සිද්ධිය නිසා දැන් දානේ වේලක්වත් ලැබෙන්නේ නැහැ – ජාතික භික්ෂු එකමුතුව

පවත්නා තත්ත්වය හමුවේ රටට, සමාජයට මෙන්ම ශාසනයටද විශාල හානියක් සිදුවෙමින් පවතින බවත්, භික්ෂූන් වහන්සේලාට නිදහසේ තම වත්පිළිවෙත් කරගෙන යාමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වී ඇති බවත් ජාතික භික්ෂු එකමුතුව පවසයි.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේලා සඳහන් කළේ, මෑතකදී ඇති වූ අටමස්ථානාධිපති හිමිගේ සිදුවීම මුල් කරගනිමින් භික්ෂූන් වහන්සේලා විශාල ගැටලුවලට මුහුණ දෙන බවයි.

අවම වශයෙන් භික්ෂූන් වහන්සේලාට දාන වේලවල් පවා සපයා ගැනීමට නොහැකි තරමේ බාධාකාරී හා පීඩනකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවද ජාතික භික්ෂු එකමුතුව මෙහිදී අවධාරණය කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේලා පවසා සිටියේ,

“මේ සමාජයට රටට වෙච්ච හානියක් තියෙනවා. ශාසනික වශයෙන් හානියක් තියෙනවා. ඒ හානිය තමයි භික්ෂූන් වහන්සේලාට නිදහසේ වත්පිළිවෙත් ටික කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද අපි භික්ෂූන් වහන්සේලා හැටියට හුදෙකලාවේ වැඩ ඉන්න ශාසනික මෙහෙවරක් කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේලා. එතකොට මේ අටමස්ථානාධිපතිගේ කතන්දරේ මේ වෙනකොට අපි දන්නවා වැරැද්දක් කරා නම් ඒ වැරැද්දට නිසි දඬුවම ලබාදෙන්න ඕන අධිකරණයෙන්. ඒක එහෙම තමයි. කාටවත් ඒක නවත්තන්නත් බෑ වළක්වන්නත් බෑ. නමුත් ඒ හේතුව කරගෙන මේ භික්ෂූන් වහන්සේලා මේ වැඩ ඉන්න අයට දානේ ටිකවත් අඩුම තරමේ දාන ටිකවත් ලබාගන්න බැරි තත්ත්වයට භික්ෂූන් වහන්සේලා හැටියට අපි මුහුණ දීලා තියෙනවා. මොකද අනුරාධපුරේ සිද්ධියක්නේ මේක. අටමස්ථානාධිපති මේ වගේ දෙයක් කළාද නැද්ද කියන එක අපි දන්නේ නෑ. ඒවට සාක්ෂි අපි දන්නේ නෑ. වැරැද්දක් කොරොත් ඒ වැරැද්දට දඬුවම් දෙන්නම ඕන. ඒක අපි අනුමත කරනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com