දැදුරු ඔයේ ආගන්තුක මත්ස්‍ය විශේෂයක්

0
දැදුරු ඔයේ ආගන්තුක මත්ස්‍ය විශේෂයක්

දැදුරු ඔයේ ආගන්තුක මත්ස්‍ය විශේෂයක්

දැදුරු ඔය ජලාශය ආශ්‍රිතව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති ආගන්තුක මත්ස්‍ය විශේෂයක් ඉවත් කිරීමේ කටයුතු පසුගිය සිකුරාදා දිනයේදි (18) ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් මෙම මත්ස්‍යයා සෙසු මත්ස්‍ය ව්‍යාප්තියට හානිකර සතෙකු වුවත් මිනිස් පරිභෝජනයට සුදුසු බවයි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

ජයන්ට් ස්නෙක් හෙඩ් නමැති මෙම ආගන්තුක මත්ස්‍ය විශේෂය දැදුරු ඔය ජලාශයේ ධීවර තොටුපල තුනක් ආශ්‍රිතව ව්‍යාප්තව සිටිනවා.

එම මත්ස්‍යයින් ඉවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණේ වයඹ පළාත් ධීවර අමාත්‍යංශ නිලධාරීන් හා ජල ජීවී අධිකාරියේ නිලධාරීන් මෙන්ම ධිවර ප්‍රජාවගේද සහභාගීත්වයෙනුයි.

එහිදී අල්ලාගත් මසුන් ගනේවත්ත කැකුලාවල තොටුපලේදී ආහාරයට සුදුසු පරිදි සකස් කෙරුණා.

නිලධාරීන් හා ධීවරයින් එම මාළු ආහාරයට ගනිමින් ඒවා මිනිස් පරිභෝජනයට සුදුසු බවට ජනතාවට ප්‍රායෝගිකවම ඔප්පුකර පෙන්වීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ධීවරයින් අනතුරු අඟවන්නේ මෙම ආක්‍රමණික මත්ස්‍ය විශේෂය මුලුමනින්ම ඉවත් නොකළහොත් සෙසු මත්ස්‍ය වර්ග සියල්ල වදවී යා හැකි බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com