භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය අමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනකුට

0
භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය අමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනකුට

භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය අමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනකුට

මේ වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයට හිමිකම් කීමට අමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනකු සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ස්වීඩන් ජාතික රසායන විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමැති පත්‍රයට අනුව වසර 1901දී ආරම්භ කළ නොබෙල් ත්‍යාග පිරිනැමීමේ වාර්ෂික සිදුවන අතර, මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයට හිමිකම් කියනු ලැබුවේ අමෙරිකානු ජාතික ජෝන් හොප්ෆීල්ඩ් සහ ජෙෆ්රි හින්ටන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය ඊයේ එනම් අඟහරුවාදා දිනයේ (08) නිවේදනය කළේ පැහැදිලි උපදෙස් නොමැතිව කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් යාන්ත්‍රික අධ්‍යයනයක් සිදු කළ හැකි ආකාරය සොයා ගැනීමට සහ ඒ ඇසුරෙන් නව නිපැයුම් සිදු කිරීමට සමත්වීම හේතුවෙන් අමෙරිකානු භෞතික විද්‍යාඥයන් දෙදෙනා මෙවර මෙසේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයට හිමිකම් කී බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com