ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ බොරතෙල් මිල යළිත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතියේ 10%කින් පමණ ඉහළ ගොස් තිබේ.
ඒ, මැදපෙරදිග කලාපය් ගැටුම් තවදුරටත් තීව්‍ර වීම හේතුවෙනි. ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද, එනම් ඉරිදා දිනයේදි (06) දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 74යි සත 45ක් ලෙසයි.
තවද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 78යි සත 09ක් ලෙස සටහන් විය.
