නීති විරෝධීව මෙරටට ගෙන්වූ ජීප් රථයක් අල්ලස් කොමිසම භාරයට
වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්
නීති විරෝධීව මෙරටට ගෙන්වා රජයට ගෙවිය යුතු බදු ආදායම අහිමි කෙරූ ජීප් රථයක් අල්ලස් කොමිසම මගින් සිය භාරයට ගෙන තිබේ.
අදාළ මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ධාවනය කිරීම සිදුකර ඇති බවට එම කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව පසුගිය මස 18වන දිනට පෙර අදාළ මෝටර් රථය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා දෙන අදාළ ව්‍යාපාරිකයාට අධිකරණ නියෝග කෙරිණි.
නමුත් එම නියෝග කඩ කිරීම හේතුවෙන් බදුල්ල නෙළුම්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු ක්‍රියාත්මක කර තිබුණි.
ඒ අනුව අධිකරණ නියෝග පරිදි අදාළ ජීප් රථය අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත.




