ඔක්තොම්බර් 01 වැනිදා සිට පොහොර සහනාධාරය ඉහළට
පොහොර සහනාධාරය රුපියල් 5000කින් ඉහළට
හෙක්ටෙයාරයකට ලබා දෙන රුපියල් 15,000 පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව, 2024 /25 මහ කන්නය සඳහා මෙම පොහොර සහනාධාරය ගොවීන්ට හිමිවනු ඇති.
ඔක්තොම්බර් 01 වැනිදා සිට මෙම සහනාධාරය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.




