ඡන්ද කොළේ නොලැබුණොත් කළ යුතු දේ

ඡන්ද කොළේ නොලැබුණොත් කළ යුතු දේ

ඡන්ද කොළේ නොලැබුණොත් කළ යුතු දේ

සැප්තැම්බර් 14දින වන විට යම් අයෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැතිනම් හැඳුනුම්පත සමග අදාළ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර තමාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් ඡන්ද දායකයින්ට එම අවස්ථාව හිමිවේ.

ඔහු අඟහරුවාදා දින (10) සඳහන් කළේ මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇති බවය.

ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි දින කිහිපයේදී ඡන්ද දායකයින්ට බෙදා හැරීමට කටයුතු කරන බවද ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 14වනදා වනවිට නිම කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවද රාජිත රණසිංහ මහතා තවදුරටත් සඳහන් කලේය.

මේ අතර, නිල ඡන්ද පත්‍රිකාවලින් 80%ක් මේ වනවිට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඒවා විශේෂ ආරක්ෂාවක් යටතේ ගබඩා කර ඇති බවය.

මේ සතිය අවසන් වනවිට නිල ඡන්ද ප්‍රතිකා මුද්‍රණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පෙන්වා දෙයි.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වේ.

මෙවර මෙම මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 17.44ක් බව මැතිවරණ කොමිසමේ දත්ත පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *