ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි ඉහළට

0
ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ලබා දී ඇත්තේ අපේක්ෂකයින් 4ක් පමණයි

ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ලබා දී ඇත්තේ අපේක්ෂකයින් 4ක් පමණයි

ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධ පැමිණිලි තවදුරටත් ඉහළ යමින් ඇතැයි මැතිවරණ නීරික්ෂණ සංවිධාන පවසයි.

පැමිණිලි 260ක් ලැබී ඇති බව මැතිවරණ ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේය. ඉන් 233ක්ම ලැබී ඇත්තේ රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙනි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නිති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ නීති කැඩු 52ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මැතිවරණ නිති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වර්ධනයක් ඇති බවද පොලීසිය සඳහන් කරන ලදි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com