ජනප්‍රිය පාසල් හතරක විදුහල්පතිවරුන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

0
රට පුරා විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක්

රට පුරා විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක්

ජනප්‍රිය පාසල් හතරක් සඳහා අලුතින් පත්කරන ලද විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

පෙත්සම ඒ. එච්. එම්. ඩී. නවාස්, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිකුරාද දින (05) එම පෙත්සම කැඳවා තිබුණි.

එහිදී පෙත්සම්කාර ලංකා ගුරු සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම අවසරය ලබාදී තිබේ.

අදාළ සංශෝධිත පෙත්සම සලකා බැලීම සඳහා 2025 ජනවාරි මස 23 වනදා කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

අදාළ විදුහල් සඳහා නව විදුහල්පතිවරුන් පත් කිරීම අවිධිමත් ආකාරයට සිදුකර ඇති බවත් අදාළ පත්වීම් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමේ වැඩිදුරටත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com