2024 මුල් මාස 07තුළ රැකියා සඳහා විදෙස්ගත වූ ගනන 175,163ක්

වසරේ මුල් මාස 07තුළ 175,163ක් රැකියා වෙනුවෙන් විදෙස්ගත වෙලා

වසරේ මුල් මාස 07තුළ 175,163ක් රැකියා වෙනුවෙන් විදෙස්ගත වෙලා

2024 ජූලි මාසයේදී 28,003ක පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2024 වසරේ ජනවාරි සිට ජූලි දක්වා මාස 07ක කාලපරිච්ඡේදය තුළදී රැකියා වෙනුවෙන් විදෙස්ගත වී ඇති මුළු ප්‍රමාණය 175,163කි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වන අතර එම මාස 07ක කාලපරිච්ඡේදය තුළදී, විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 3,710.8ක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් පරිදි පූර්ව වර්ෂයේ, එනම් 2023 වසරේ මුල් මාස 07තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති පිරිස 171,864ක් වන අතර එම කාලපරිච්ඡේදය තුළ ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,363.6කි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විදෙස් රැකියා සඳහා වැඩිම පිරිසක් ගොස් ඇති වසර ලෙසින් 2014 වසර වාර්තා වේ. එම වසරේදී 300,703 පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව නිල සංඛ්‍යාලේඛන සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *