තැපැල් ඡන්ද එළඹෙන සැප්තැම්බර් 4, 5 හා 6 දිනයන්හි

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ලබන 04 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ලබාදී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් කොමිෂන් සභාව පැවසුවේ.

එමෙන්ම ලබන 04 සහ 06 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බලකාය, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශවලදී නිල ඇඳුම් කාර්යය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්යය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව ලබන 05 සහ 06 යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවලද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *