ලෝකයේ අධි මාත්‍රාව හේතුවෙන් වසරකට මිලියන 20-30 ගණනක් මිය යයි

ලෝකයේ අධි මාත්‍රාව හේතුවෙන් වසරකට මිලියන 20-30 ගණනක් මිය යයි

ලෝකයේ අධි මාත්‍රාව හේතුවෙන් වසරකට මිලියන 20-30 ගණනක් මිය යයි

නිසි දැනුවත් වීම මගින් අධිමාත්‍රාව වළක්වාගත හැකි බවත් ලෝකයේ අධි මාත්‍රාව හේතුවෙන් වසරකට මිලියන විසි තිස් ගණනක් මිය යන අතර අප සාමාන්‍යයෙන් භාවිත කරන ඖෂධ ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් අධිමාත්‍රා තත්ත්වයට පත්වී මරණය පවා ඇතිවිය හැකි බවත් කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එළඹෙන 31 වනදාට යෙදෙන ජාත්‍යන්තර අධි මාත්‍රාව පිළිබඳ දැනුවත් කිරීමේ දිනය (International Overdose Awareness Day) වෙනුවෙන් බදාදා දිනයේ (28) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

නිර්දේශිත නොවන මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන්ද ලොව විශාල පිරිසකගේ සෞඛ්‍ය පිරිහීමත්, මරණයට පත්වීමත් සිදුවන බව වෛද්‍යවරයා එහිදී අවධාරණය කර තිබුණා.

ඒ අනුව මෙරට තුළ ද මෙම ප්‍රවණතාව දක්නට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. එමෙන්ම අප නොදන්නවා වුවද මෙරට ඖෂධ අධි මාත්‍රාව හේතුවෙන් පුද්ගලයන් මියයෑම හා හෘදයාබාධවලට ලක්වී ජීවිත අඩාල වීම සිදුවන බවත් වෛද්‍ය රවී ජයවර්ධන මහතා පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර අධි මාත්‍රාව පිළිබඳව දැනුවත් කිරීමේ දිනයෙහි වැදගත්කම ද ඔහු එහිදී සඳහන් කර තිබුණා.

ඒ අනුව අධිමාත්‍රාව පිළිබඳව දැනුවත් වීමත්, එය වළක්වාගන්නේ කෙසේද යන්න දැනගැනීමත්, මේ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ පවුල්වල අය සමග දුක බෙදා ගැනීම සහ මෙය අනාගතයේ සිදුවීම වළක්වා ගැනීමත් මෙවන් දිනයක අරමුණ වන බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඖෂධ වැඩිවීමක් සිදුවිය හැකි ක්‍රම වශයෙන් වෛද්‍යවරුන් ඖෂධ ලිවීමේදී මාත්‍රාව, ලබාගන්නා වේල් ගණන, භාවිතා කළ යුතු දින ගණන සහ අදාළ පුද්ගලයාට නුසුදුසු ඖෂධයක් නිර්දේශ කිරීම ආදිය පෙන්වාදුන් වෛද්‍යවරයා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යාමෙන් මෙම ගැටලුව ඉතාම අවම කරගත හැකි බවත් සඳහන් කර තිබුණා.

එමෙන්ම වෛද්‍යවරුන්ට සේම මේ හා සමාන වැදගත් කාර්යයභාරයක් ඖෂධවේදීන්ට ද පැවරී ඇති බව පෙන්වාදී ඇති ඒ මහතා, වෛද්‍යවරයා නිර්දේශ කර ඇති මාත්‍රාව, ප්‍රමාණය, කාලය සහ වැරදි ඖෂධ 02ක් එකට නිර්දේශ කර ඇතිදැයි ආදී කරුණු සම්බන්ධයෙන් ඔවුන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද පෙන්වා දී තිබෙනවා.

රෝගියාට බෙහෙත් ලබාදෙන්නේ නිවසේ සිටින වෙනත් පුද්ගලයෙකු නම් ඔවුන් ද ඉහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවයි විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ.

ඇතැම් අවස්ථාවල ඇතැම් පුද්ගලයන් සිතාමතා ඖෂධ අධි මාත්‍රා භාවිත කරන බවද ලංකාවේ වසරකට 20,000ක් පමණ ඖෂධ අධි මාත්‍රා ගැනීමෙන් රෝහල්ගත වන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

ඒ අනුව රෝගීන්ගෙන් 20% – 30% ක් පමණ වැරදීමකින් ද, 70% – 80%ක් පමණ සිතාමතා ද ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වී රෝහල්ගත වන බව පවසා ඇති වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ ඇතමුන් සිතාමතා භාවිතා කරන ඖෂධ අතර බහුලව පැරසිටමෝල් ඖෂධය දක්නට ලැබෙන බවයි.

පැරසිටමෝල් අධිකව භාවිතයෙන් අක්මාවට අධික ලෙස හානිවී අවසානයේ ඉතා වේදනාකාරී මරණයක් අත්වන බවද, ඇතැම් දෙමාපියන්ගේ නොදැනුවත්කම හේතුවෙන් කුඩා දරුවන්ටද පැරසිටමෝල් අධි මාත්‍රා ලබා දීමෙන් අක්මාවට හානිවී රෝහල්ගත වීම් වාර්තා වන බවද සඳහන් කර තිබුණා.

වෛද්‍ය උපදේශයකින් තොරව පැරසිටමෝල් ඖෂධය භාවිතා නොකරන ලෙසද මෙහිදී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා අවධාරණය කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *