මේ වනවිට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 1,229ක්

වියදම් වාර්තා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්
ජනාධිපතිවරණය සම්බන්ධව බ්‍රහස්පතින්දා (29) දිනය වනවිට පැමිණිලි 1,229ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අතරින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම පිළිබඳ ලැබී ඇති පැමිණිලි ගණන 1,172කි.
ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධවද පැමිණිලි 4ක් ලැබී ඇතැයි කොමිෂන් සභාව සඳහන් කළේය.
මේ අතර මැතිවරණ රැළි පැවත්වන අවස්ථාවලදී පහර දීමේ සිදුවීම් කිහිපයක්ද වාර්තා වන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි.