ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ යෝග්‍යතා සහතික නොපමාව ලබා ගන්න – මැතිවරණ කොමිසම

මැතිවරණ ප්‍රචාරණ කටයුතු (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි
දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ යෝග්‍යතා සහතික නොපමාව ලබා ගන්නැයි මැතිවරණ කොමිසම සිහි කැඳවීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ, යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍රය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ election.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි.
අදාළ ඉල්ලුම් පත්‍රය පිරවීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරී මගින් සහතික කර රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කර ඡන්ද හිමියාගේ යෝග්‍යතාවය සටහන් කරගත යුතුය.
දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත සහතික කළ යෝග්‍යතා පත්‍ර සහිතව යා යුතු අතර එහිදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහයකයෙකු සමග යායුතු බව අදාළ නිවේදනයේ සඳහන් විය.
අදාළ සහයකයා අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු හෝ ඡන්දපොළ නියෝජිතයෙකු නොවිය යුතු බවද මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.