ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 12කට ඇරයුම්
ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, මාලදිවයින ඇතුළු රටවල් ඒ අතර වන බවයි.
ඔවුන් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතුළු සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු වාර්තාවක් ලබාදීමට නියමිත බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වනවිටත් දිවයිනට පැමිණ තිබේ.
මීට අමතරව ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂකයින් හා ආසියානු මැතිවරණ නිරික්ෂණ ජාලයේ නියෝජිතයින්ද දිවයිනට පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළේය.
එම සංවිධාන කළ ඉල්ලීමකට අනුව මැතිවරණය නිරික්ෂණයට අවසරය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.