2024 මුල් මාස 7තුළ ළමා අපරාධ 1323ක්

0
වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2,183ක්

වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2,183ක්

මෙම වසරේ මුල් මාස 7තුළ ළමා අපරාධ 1323ක් වාර්තා වී ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසයි.
අදාළ කාලසීමාව තුළ ගැහැණු දරුවන් දූෂණයට ලක් කිරීමේ සිදුවීම් 813ක් වාර්තා වී ඇති බව එහි නියෝජ්‍ය පොලිස්පති, රේණුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළාය.

වයස අවුරුදු 16ට අඩු ළමුන්ට, බලහත්කාරකම් කිරීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව,177කි.

අදාළ කාලසීමාවේ සුළු වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 1459ක් වාර්තා වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළාය.

ළමුන්, ජංගම දුරකතන භාවිතයට අබ්බැහිවීම, මෙම සිදුවීම් වලින් බහුතරයකට හේතුවී ඇතැයිද ඇය තව දුරටත් සඳහන් කරන ලදි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com