මුහම්මද් යුනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දෙයි

0
මුහම්මද් යුනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දෙයි

මුහම්මද් යුනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දෙයි

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යුනුස් දිවුරුම්දී ඇත.

ඒ අනුව මෙලෙස ඔහු දිවුරුම්දී ඇත්තේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී අසල්වැසි ඉන්දියාවට පලාගොස් දින 3කට පසුවය.

84 හැවිරිදි යුනුස් දිවුරුම් දුන්නේ ඩකා හි ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකදී වන අතර දේශපාලන නායකයින්, සිවිල් සමාජ නායකයින්, ජෙනරාල්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් එම අවස්ථාවට සහභාගී වී තිබේ.

ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි යූනුස් පවසා තිබුණේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවය.

බංග්ලාදේශයේ අගමැති ලෙස වසර 15ක් කටයුතු කළ ෂෙයික් හසීනා ජනතා විරෝධය හේතුවෙන් තනතුරෙන් අස්වී රටින් පළා ගිය අතර ඇය මේ වනවිට ඉන්දියාවේ සිටින බව සඳහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com