කල්පිටිය තොරයඩි කලපුවේ සඟවා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740ක් නාවික හමුදා භාරයට

0
කල්පිටිය තොරයඩි කලපුවේ සඟවා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740ක් නාවික හමුදා භාරයට

කල්පිටිය තොරයඩි කලපුවේ සඟවා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740ක් නාවික හමුදා භාරයට

කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් කලපුවේ ගිල්වා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740ක් අඩංගු ඇසුරුමක් නාවික හමුදා භාරයට ගෙන තිබෙයි.

එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක්ද තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකිව, ජාවාරම්කරුවන් විසින් මෙම රත්‍රං අඩංගු ඇසුරුම පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙලෙස තොරයඩි කලපුවේ ගිල්වා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් රත්‍රං කිලෝ 04ග්‍රෑම් 740ක තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර තිබෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com