සුරක්ෂා, උරුමය මැතිවරණ කොමිෂන් සභාවෙන් නතර කරයි

අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කරන්න බෑ - මැතිවරණ කොමිෂන් සභාව

අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කරන්න බෑ - මැතිවරණ කොමිෂන් සභාව

සුරක්ෂා සිසු රක්ෂණය හා උරුමය ඔප්පු යනාදී සියලු ඔප්පු ප්‍රදානය කිරීම් ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා ඇතුලු ප්‍රධානීන්ට දැනුම් ඇත.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි බෙදාදීම්වලට කොමිසමේ විරෝධයක් නැතත් ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක එවැනි බෙදාහැරීම් නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධා එල්ල විය හැකි හෙයින් ඒවා ඡන්දය අවසන් වනතුරු තාවකාලිකව නතර කිරීමට සිදුවන බවයි.

මේ අතර විවිධ පාර්ශ්වවලට විවිධ දීම නා ගෙවීමද මේ අවස්ථාවේදී කළ නොහැකි බව කොමිෂන් සභාව සඳහන් කරයි.

කොමිසම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව සභාපතිවරයා කීවේය.

පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණ ඔප්පු ගෙවීම ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට පෙරේදා ලිපියක් යවා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *