විද්‍යුත් වීසා සේවාවන් සැපයීම සමාගම්වලට පැවරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

e-වීසා සේවාවන් සැපයීම සමාගම්වලට පැවරීම වළක්වා ලබමින් අතුරු තහනම් නියෝගයක් e-වීසා සේවාවන් සැපයීම සමාගම්වලට පැවරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
එමෙන්ම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාටලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.