තැපැල් ඡන්ද දායකයින්ට මැතිවරණ කොමිසම කළ නිවේදනය

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරීන්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු බවයි මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ.

එක හා සමාන පුද්ගල නාම පවතින බැවින් සිය තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කර තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා.

තැපැල් ඡන්ද පහසුකම් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වන අයදුම්පත් ඡන්දහිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාවලින් නොමිලේ ලබාගත හැකි අතර මැතිවරණ කොමිෂන් සභාවේ වෙඩ් අඩවියෙන්ද ලබාගත හැකි බව සඳහන්.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලුදෙනාගේම අයදුම්පත් අගෝස්තු 5වන දින හෝ එදිනට පෙර හෝ අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතු වනවා.

අයදුම්පත් භාරගැනීම සිදු කරනු ලබන අවසන් දිනයේදී, එනම් අගෝස්තු 5වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර ඒවා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාරදීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනීම සඳහා හේතුවක් නොවන බවයි කොමිසම නිවේදනය කරන්නේ.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය 2024.08.05 වන දින බැවින් එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවට තැපැල් ඡන්ද දායකයින්ට මැතිවරණ කොමිසම දැනුම්දෙනවා.

එදිනට පසු ලැබෙන අයදුම්පත් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බැවින් කඩිනමින් අයදුම්පත නියමිත සහතික කිරීමේ නිලධාරී මඟින් අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත යොමු කරන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අදාළ නිවේදනයෙන් ඉල්ලා ඇත්තේ.

සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි ලේඛනය 2024 ජූලි මස 26 වන දින සිට සාමාන්‍ය කාර්යාල වේලාවන් තුළ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *