මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 07-08 දෙනෙක් මිය යයි

මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 07-08 දෙනෙක් මිය යයි

මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 07-08 දෙනෙක් මිය යයි

මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 07-08 දෙනෙක් පමණ මිය යන බව රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දික හපුගොඩ මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවන අනතුරුවලින් වසරකට 12,000ක් පමණ මියයන බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ,
ඉන් හතරෙන් එකක්ම මාර්ගයේ සිදුවන අනතුරුවලින් මියයන පිරිස් බවත් ඉන්දික හපුගොඩ මහතා පෙන්වා දෙන ලදි.

අනතුරු හේතුවෙන් සිදුවන පුද්ගල මරණ වැඩි සංඛ්‍යාවක් යතුරුපැදි හේතුවෙන් සිදුවන බවත්, එමඟින් යතුරුපැදිවල පැදිකරුවන් සහ පසුපැදිකරුවන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වන බවත් ඔහු අවධාරණය කර සිටියා.

එලෙස සිදුවන අනතුරු හේතුවෙන් රටට අවුරුදු 18 – 28ත් අතර ඵලදායි තරුණ ජීවිත අහිමිවන බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ පසුගිය වසරේ එලෙස තරුණ තරුණියන් 2,310 දෙනෙකු පමණ මියගොස් තිබු බවයි.

කෙසේ වෙතත් ප්‍රතිශතයක් වශයෙන් 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ මාර්ග රිය අනතුරුවලින් ජීවිත 230ක් බේරාගැනීමට හැකියාව ලැබී තිබු බවද රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා අනාවරණ කළා.

මාර්ග අනතුරු වැඩි වීමට ප්‍රධානතම හේතුව බීමත් රිය ධාවනය බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *