මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 27,595කට සින්නක්කර ඉඩම් ඔප්පු

0
මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 27,595කට සින්නක්කර ඉඩම් ඔප්පු

මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 27,595කට සින්නක්කර ඉඩම් ඔප්පු

රටේ ජනතාවට “අයිතිය” ලබාදීම තම ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නොමැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් පවුල් 192ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් සෙනසුරාදා දින(22) මඩකලපුව, තිරයිමඩු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවති උත්සවයට එක් වෙමින්.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ආවරණය වන පරිදි මෙම ඉඩම් ඔප්පු ප්‍රදානය සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඊට එක් වුණා.

මීට අමතරව උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ ඉංග්‍රීසි ඩිප්ලෝමධාරීන් 252 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීමද සෙනසුරාදා දින (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මේ අතර රුපියල් මිලියන 1,055ක වියදමින් මඩකලපුව තිරායිමඩු ප්‍රදේශයේ ඉදිකළ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අද විවෘත කෙරුණේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී එතුමාගේ උපදෙස් පරිදි 2016 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා එවකට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකිරීම ආරම්භ කළා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ සේවා පහසුකම් පුළුල් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිකර තිබෙනවා.

සමරු ඵලකය නිරාවරණය කර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com