නිලධාරීන්ගේ කඹ ඇදීමෙන් කෝටි ගණනක මෙත් සිරිපාය කැලෑ වැදී විනාශයට

නිලධාරීන්ගේ කඹ ඇදීමෙන් කෝටි ගණනක මෙත් සිරිපාය කැලෑ වැදී විනාශයට

නිලධාරීන්ගේ කඹ ඇදීමෙන් කෝටි ගණනක මෙත් සිරිපාය කැලෑ වැදී විනාශයට

පොළොන්නරුවේ සියලුම රාජ්‍ය ආයතන එකම ස්ථානයට ගෙනවිත් ජනතා සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිකෙරුණු මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය නිලධාරීන්ගේ කඹ ඇදීමක් හේතුවෙන් වසර පහකට වැඩි කාලයක් තිස්සේ කැලෑ වැදී විනාශ වෙමින් පවතින බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවූ බව එහි සභාපති මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මෙම ගොඩනැගිලි සංකීර්ණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබ ඇත්තේ රුපියල් කෝටි 101ක පමණ වියදමිනි. එහි වර්ග අඩි ප්‍රමාණය එක් ලක්ෂ හතළිස් එක්දහසකි.

මෙම ස්ථානයේ වායු සමීකරණ ඇතුළු පහසුකම් නැති හෙයින් ඊට යා නොහැකි බව ආයතන ගණනාවක නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි එම කමිටුවේදී තොරතුරු අනාවරණය වී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු තවත් සමහර ආයතන ප්‍රධානීන් මේ ස්ථානයේ පදිංචියට යෑමට කැමැත්තෙන් සිටියත් මෙතෙක් කිසිවකුගෙන් හෝ ඒ සඳහා උපදෙස් ලැබී නැතැයිද තොරතුරු හෙළිවිය.

මෙම ස්ථානයේ කුලිය වැඩි නිසා පැමිණිය නොහැකි බවට සමහර ප්‍රධානීන් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති අතර ඒ අවස්ථාවේදී මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම කුලී මුදල් ගෙවන්නේ මහා භාණ්ඩාගාරයෙන් හෙයින් ඒ ගැන ගැටළුවක් ඇති කරගත නොගත යුතු බවයි.

මේ තොරතුරු අනාවරණය වූයේ පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී (20) රැස්වූ අවස්ථාවේදීය.

එසේම මෙම ගොඩනැගිල්ල ජරාවාස වෙමින් පවතින හෙයින් එය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශාඛාවක් පිහිටුවීම සඳහා ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතත් එම තීරණයද ක්‍රියාත්මක කිරීම නිලධාරීන් මගහැර ඇතැයි කමිටුවේදී තොරතුරු හෙළිවිය.

රාජ්‍ය ආයතන මේ ස්ථානයට පැමිණීමට අකමැති වන්නේ ඇයි දැයි සොයා බලා හැකි ඉක්මනින් වාර්තාවක් සපයන ලෙස කමිටු සභාපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

එසේම සියලු රාජ්‍ය ආයතන මේ ස්ථානයට කැඳවාගෙන විත් මාස හයක කාලයක් ඔවුනට එහි මුදල් අය කර ගැනීමකින් තොරව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් වසරක කාලයක් එහි නඩත්තු ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් ගෙවන ලෙසත් කමිටුව මෙහිදී වැඩිදුරටත් නිර්දේශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *