ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ගැන තීරණයක්
රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය දැනුම්දෙන්නැයි රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි 8 අධිකරණයට දැනුම්දෙන්නැයි නියෝගයක්
සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව, දෙසැම්බර් මාසයට පෙර සේවා කාලය අවසන් වීමට නියමිතව ඇති ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ සියලු ආරක්ෂක ප්‍රධානීන්ට ජනාධිපතිවරයා ගත් මෙම තීරණයත් සමග ලබන දෙසැම්බර් මාසය වන තෙක් ඔවුන්ගේ තනතුර බලාත්මක වනු ඇත.
ජනාධිපතිවරණය අවසන් වන තුරු රටේ ආරක්ෂක වැඩපිළිවෙළ ඒ අයුරින්ම පවත්වාගෙන යාමට පහසුවක් වනු පිණිස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටද සේවා දිගුවක් ලැබී ඇත්තේ ජනාධිපතිවරයා ගත් මෙම තීරණය පදනම් කරගෙනයි.




