ජනාධිපතිවරයාගේ ප්රකාශයක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරුවරයාට සංදේශයක්
ඖෂධ මිල ගණන් අවම වශයෙන් 25% කින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක්
මැයි දින මහරගම වේදිකාවේ දී නඩු තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්රකාශය පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අගවිනිසුරුවරයාට සංදේශයක් යොමුකළ බව එහි කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පවසනවා.
අද(12) කොළඹදී කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ අධිකරණ තීන්දුවක් ප්රකාශයට පත් කිරීමට පෙර එහි තීන්දුව දන්නේ විනිශ්චයකාරතුමා පමණක් වන අතර ඔහුට එය තුන්වන පාර්ශවයකට හෙළිදරව් කිරීමට කිසිඳු අයිතියක් නොමැති බවයි.
අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීම ඉතාම බරපතළ වරදක් වන බවත් එසේ කරන පුද්ගලයෙකුට අයත් වන දඬුවම වන්නේ අවුරුද්දක් බන්ධනාගාර ගත වීම හා මීට අමතරව අවුරුද් 5ක කාලයක් තුළ ප්රජා අයිතිවාසිකම් අහිමි වීම වන බවත් එතුමා මෙහිදී සඳහන් කළා.
මේ හේතුවෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක නායකයින් හා නියෝජිතයින් හැටියට ඔවුන් අගවිනිසුරුවරයාට සංදේශයක් යොමු කිරීමට තීරණය කළ බවත් මෙහිදී සඳහන් කළා.
ඒ අනුව එතුමාගේ ගෞරවාන්විත අවදානය මේ උග්ර ප්රශ්නය වෙනුවෙන් යොමු කරන ලෙස ඔවුන් ආයාචනා කරන බවයි මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ.




