ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලයෙන් ගැන්ට්ස් ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලයෙන් ගැන්ට්ස් ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලයෙන් ගැන්ට්ස් ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වි තිබෙනවා.

මෙම ඉල්ලා අස්වීම අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ගාසා තීරයේ යුධ සැලසුම් පිළිබඳ ගැඹුරු බෙදීම්වල සලකුණක් ලෙස හැඳින්විය හැකියි.

ඊශ්‍රායල කැබිනට් අමාත්‍ය බෙනී ගැන්ට්ස් මෙලෙස හදිසියේ ඉල්ලා අස්වි තිබෙනවා.

ටෙල් අවිව් හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇති අතර ඔහු ඉල්ලා අස්වන බව ප්‍රකාශ වීමත් සමග අන්ත දක්ෂිනාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉතමාර් බෙන්ග්විර් කැබිනට් මණ්ඩලයට එක්වීමට අවස්ථාව ද ඉල්ලා තිබේ.

ගාසා තීරයේ හමාස් පාලනය අවසන් කිරීම හා සිවිල් පරිපාලනයක් පිහිටුවීම ඇතුළු උපායමාර්ගික කරුණු හයක් ඉටු කර ගන්නේ කෙසේද යන්න ඉල්ලා අස්වූ ගැන්ට්ස් ප්‍රකාශ කර තිබුණා.

නමුත් ඊශ්‍රායල අගමැතිවරයා විසින් ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වා නැති බවයි වාර්තා වනුයේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *