ජපාන රජ­යෙන් දරු උපත් වැඩි කිරි­මට වෙබ් අඩ­වි­යක්

ජපාන රජ­යෙන් දරු උපත් වැඩි කිරි­මට වෙබ් අඩ­වි­යක්

ජපාන රජ­යෙන් දරු උපත් වැඩි කිරි­මට වෙබ් අඩ­වි­යක්

වසර ගණ­නා­වක් පුරා අර්බුදයක් බවට පත්වී ඇති ජපා­නයේ දරු උපත් පහත වැටීම වැළැ­ක්වීම සඳහා එරට තරුණ තරු­ණි­යන් අතර විවාහ සිදු කිරී­මට සහ නව පවුල් ජීවිත ආරම්භ කිරී­මට පහ­සුව සැලැ­සී­මට ජපාන රජය මඟින් නව වෙබ් අඩ­වි­යක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බොහෝ බට­හිර රට­වල තරුණ තරු­ණි­යන් අතර අති­ශය ජන­ප්‍රිය එවැනි වෙබ් අඩවි මගින් ඔවු­නො­වුන්ගේ සහ­ක­රු­වන් සහ සහ­කා­රි­යන් සොයා ගැනී­මට වැඩි පහ­සු­වක් සැල­සෙන බැවින් ජපාන රජය එවැනි පිය­ව­රක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මිලි­යන 123.9ක ජන­ග­හ­න­යක් හිමි ජපා­නයේ පසු­ගිය වසරේ වාර්තා වී ඇත්තේ දරු උපත් 7,27,277ක් පම­ණක් බව ජපා­නයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබ­සා­ධන අමා­ත්‍යාං­ශය පසු­ගි­යදා නිකුත් කළ නව­තම දත්ත වාර්තා­ව­කින් පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *