ආගමන විගමන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නව මුද්‍රාවක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, අනුකරණය කළ නොහැකි වන පරිදි ආරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් සහ සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි නව මුද්‍රාවක් මෙම ජූනි මස 01 දින සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ භාවිත කර තිබෙනවා.

ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ 1948 සිට මෙතෙක් භාවිතා කළ පැරණි මුද්‍රාව බොහෝ වංචනික පුද්ගලයන් අනුකරණය කරමින් ව්‍යාජ මුද්‍රා සකස් කර භාවිතා කර තිබූ අවස්ථාවන් පිළිබඳව තමන් වෙත කරුණු වාර්තා වී තිබූ බවයි.

මෙම නව මුද්‍රාව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, වරාය සහ මගී නෞකා සඳහා භාවිතා කිරීම සඳහා කාණ්ඩ තුනක් ලෙස වෙනවෙනම මුද්‍රා තුනක් ලෙස නිර්මාණය කර තිබෙනවා.

ආගමන විගමන නිලධාරීන්ගේ සංකල්ප මත නිර්මාණය කර ඇති මෙම නව මුද්‍රාව, වසර ගනනාවක සිට ප්‍රමාද වෙමින් පැවති අතර ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ මග පෙන්වීම මත මෙම මුද්‍රාව කඩිනමින් එළි දැක්වීමට හැකි වී තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ජූනි මස 01 දින මෙම නව මුද්‍රාව භාවිතයට ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළද මෙම නව මුද්‍රාව භාවිතයට ගෙන තිබෙනවා.

මෙහි ආගමන මුද්‍රාව නිල් පැහැයෙන් සහ විගමන මුද්‍රාව කොළ පැහැයෙන් භාවිතා කිරීම සිදු කෙරෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *