ජල විදුලි නිෂ්පාදනය දෙගුණයකින් ඉහළට

ජල විදුලි නිෂ්පාදනය දෙගුණයකින් ඉහළට

ජල විදුලි නිෂ්පාදනය දෙගුණයකින් ඉහළට

අධික වර්ෂාවත් සමඟ ජල විදුලිබලාගාර ආශිත ජලාශ පිරීයෑමේ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය දෙගුණයක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් (27) පැවසීය.

ජලවිදුලි බලාගාරවලින් (26) විදුලිය ගිගාවොට් පැය 15.66ක් නිෂ්පාදන කළ බවත් එම ප්‍රමාණය සමස්ත විදුලි සැපයුමෙන් සියයට 41.91ක් බවත් එම නිලධාරියා කීය.

ජල විදුලි බලාගාරවලින් මෙම මස 1 වැනිදා විදුලිය ගිගාවොට් පැය 8.16ක් පමණක් නිෂ්පාදනය කළ අතර එහි ප්‍රතිශතය සියයට 20.40ක් බවත් ඒ අනුව දින 25 තුළ ගිගාවොට් පැය 7.5කින් ඉහළ ගොස් ඇති බවත් එම නිලධාරියා කීය.

ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමත් සමඟ තාප විදුලි සැපයුම පෙරේදා වන විට සියයට 25.19ක් දක්වා පහත වැටී තිබූ බවත් එම ප්‍රමාණය ගිගාවොට් පැය 9.41ක් බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මෙම මස 1 වැනිදා වන විට තාප විදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 25.17ක්ව තිබූ බව කී එම නිලධාරියා එය සමස්ත විදුලි සැපයුමෙන් සියයට 62.92ක් බවද වැඩි දුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *