නව ඔක්සිජන් උත්පාදක බලාගාරයක් විවෘත කරයි

නව ඔක්සිජන් උත්පාදක බලාගාරයක් විවෘත කරයි

නව ඔක්සිජන් උත්පාදක බලාගාරයක් විවෘත කරයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලිය හැකි නව ඔක්සිජන් උත්පාදක බලාගාරයක් විවෘත කෙරුණා.

තිස්සමහාරාම මූලික රෝහලේ මෙම බලාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 50ක් වැය කර තිබෙනවා.
එය විවෘත කෙරුනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙනුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් යුනිසෙෆ් සංවිධානයේ ආධාර මත මෙය ඉදිකර තිබෙනවා.

මසකට ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 900ක් මෙහි නිෂ්පාදනය කළ හැකි වීම විශේෂත්වයක්.

තිස්සමහාරාම මූලික රෝහලට පමණක් ඔක්සිජන් මිලදී ගැනීමට මසකට රුපියල් ලක්ෂ 3ක පමණ මුදලක් වැය වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *