කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට රු. කෝටි 500ක ණය සහන පැකේජයක්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට රු. කෝටි 500ක ණය සහන පැකේජයක්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට රු. කෝටි 500ක ණය සහන පැකේජයක්

ආර්ථික අර්බුදය හේතුවෙන් බැංකු ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව සහ ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගතව සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හා කර්මාන්තකරුවන්ට යළි නඟා සිටුවීමට රුපියල් කෝටි 500ක ණය සහන පැකේජයක් ලබා දීමට ආණ්ඩුව තීරණය කොට ඇත.

ඒ අනුව බැංකු හා මූල්‍ය ආයතනවලට රුපියල් ලක්ෂ පනහට නොවැඩි මුදලක් ගෙවිය යුතු ව්‍යවසායකයන් සහ කර්මාන්තකරුවන් දහසක් තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියන පහ බැගින් ණය සහන ලබා දීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත.

මෙම ණය මුදල ආපසු ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් සහ ඉතා අඩු පොලී අනුපාතයක් යටතේ එය ආපසු ගෙවීමට හැකිවන ලෙස සහන සලසා දී ඇත.

මුදල් ඇමැතිවරයාද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර සඳහා වූ අය වැය යෝජනා ඉදිරිපත් කරමින් බිඳ වැටුණු ව්‍යාපාර යළි නැංවීමට රුපියල් කෝටි 2000ක මුදලක් වෙන් කර තිබේ.

එම මුදලින් මුල් අදියර සඳහා මෙලෙස රුපියල් කෝටි පන්සීයක් යොදා ගනිමින් මෙම කාරක ප්‍රාග්ධන ණය සහන පැකේජය මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය එකට එක්ව ක්‍රියාත්මක කරනු ඇත.

ඒ සඳහා රට පුරා විසිරී සිටින දැනට යම් තරමකින් ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් තෝරා ගැනීමේ මූලික කටයුත්ත ආරම්භ කොට ඇති අතර කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ආංශික සංවර්ධන අංශය) වෙත තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙස ව්‍යවසායකයින් දැනුම්වත් කොට ඇතැයි Ceylon Federation Of MSME උප සභාපතිනී සශිකා ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

මෙලෙස ණය සහන පැකේජයක් ලබා ගනිමින් බිඳ වැටුණු ව්‍යාපාර නැංවිමට අවශ්‍ය වැඩකටයුතු සංවිධානය සහ සැලසුම් කිරීමේදී ඒ සඳහා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, මුදල් රාජ්‍ය ඇමැතිවරුන් වන ආචාර්ය රංජිත් සියඹලාපිටිය, ශෙහාන් සේමසිංහ යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රධාන නිලධාරීන් සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම තම සම්මේලනය ඇතුළු සියලු ආයතනික රාමුව සමඟ එක්ව කටයුතු කරන බව සිල්වා මහත්මිය පැවසුවාය.

මෙම ණය සහනය ලබා ගැනීම සඳහා සුදුස්සන් ඉල්ලුම්පත් කැඳවා ස්වාධීන විද්වත් කමිටුවක් මඟින් තෝරා ගන්නා අතර වඩාත් විනිවිදභාවයෙන් යුතුව සුදුස්සන්ටම මෙම පහසුකම පිරිනැමීමට ක්‍රියාකරන බව ද ඇය සඳහන් කළාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *