ගාල්ල ජාතික රෝහල ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය

0
සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්

සෞඛ්‍ය සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්

ගාල්ල ජාතික රෝහල ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහල දකුණු පළාතෙහි සහ යාබද පළාත්වල රෝගීන් හට මාතෘ සත්කාර සේවා හැර තෘතීයක සේවා සපයන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර එකී පළාත්වල ප්‍රාථමික හා ද්විතීයක සෞඛ්‍ය සත්කාරක සේවා ආයතන මගින් විශේෂඥ සේවාවන් සඳහා මෙම රෝහල වෙත රෝගීන් යොමු කරනු ලබයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගැන්වීම් කටයුතු සඳහාද කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කර ඇත.

මෙම වසර අවසන් වන විට රෝහලෙහි ඇඳන් ධාරිතාවය 2858ක් දක්වා වැඩි කිරීම මත එය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට පමණක් දෙවැනි වන තෘතීයක සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි රජය කියයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහලට සහ මහනුවර ජාතික රෝහලට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කරමින් ගාල්ල ජාතික රෝහල ලෙස නම් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com