රු. මි 200ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් පිලිපීන කාන්තාවක් අත්අඩංගුවට

රු. මි 200ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් පිලිපීන කාන්තාවක් අත්අඩංගුවට

රු. මි 200ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් පිලිපීන කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් කෝටි 20 හෙවත් රුපියල් මිලියන 200ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් (21) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය පිලිපීනයේ පදිංචි 47 හැවිරිදි සහකාර ගණකාධිකාරීවරියකි.

ඇය ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගමන් ආරම්භ කර, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබුණි.

ඉන්පසුව ඇය එතැන් සිට 05/21 දින පස්වරු 04.30 කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු, කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03ක් සමග කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 861ක් බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03ක්ද සගවා ගෙන රැගෙන විත් ඇත.

ඇයට සිය යෙහෙළියක් මගින් මෙම ගුවන් ගමන සම්බන්ධීකරණය කර දී තිබූ අතර ඇයට මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන විත් භාර දීම සදහා ඇමෙරිකානු ඩොලර් 1,000ක මුදලක්ද, ඊට අමතරව මෙම ගුවන් ගමන් සදහා ප්‍රවේශ පත්‍ර සහ දින 05 ක් ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් වල නැවතීම සදහා අවශ්‍ය පහසුකම්ද සපයා දීමට මෙම මත්ද්‍රව්‍ය ජාලා හිමිකරුවන් පොරොන්දු වී ඇති බවත් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබුණි.

එසේම මෙම කාන්තාව මීට පෙර මැලේසියාව සහ ඉන්දියාව වෙතද මේ ආකාරයට කුළු බඩු අඩංගු පාර්සල් අතර කොකේන් මත්ද්‍රව්‍ය සගවා ගෙන රැගෙන ගොස් ඇති බවද රේගු නිලධාරීන් හමුවේ ඇය අනාවරණය කර තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *