අය­ර්ල­න්තය, නෝර්වේ, ස්පාඤ්ඤය යන රටවල් පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළිගනී

අය­ර්ල­න්තය, නෝර්වේ, ස්පාඤ්ඤය පල­ස්තී­නය රාජ්‍ය­යක් ලෙස පිළිගනී

අය­ර්ල­න්තය, නෝර්වේ, ස්පාඤ්ඤය පල­ස්තී­නය රාජ්‍ය­යක් ලෙස පිළිගනී

පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගන්නා බව අය­ර්ල­න්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සම්බ­න්ධව නිල නිවේ­ද­නය ලබන 28 වැනිදා නිකුත් කිරී­මට නිය­මිත බවද වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගනු ලබන්නේ ඊශ්‍රා­ය­ල­යට එරෙ­හිව හෝ හමාස් සංවි­ධා­න­යට සහාය පළ කිරී­මට හෝ නොව ගාසා තීරයේ සාමය උදෙසා බව ස්පාඤ්ඤය ප්‍රකාශ කර ඇති අතර, රට­වල් තුනේ තීර­ණය පිළි­බඳ පල­ස්තීන විදේශ අමා­ත්‍යාං­ශය, පල­ස්තීන විමුක්ති හමු­දාව සහ හමාස් සංවි­ධා­නය සතුට පළ කර ඇතැයිද වාර්තා වේ. අමෙ­රි­කාව සහ බ්‍රිතා­න්‍යය හැර එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ සාමා­ජික රට­වල් 140ක් මේ වන විට පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *