ඊශ්‍රායල-හමාස් නායකයන්ට වරෙන්තු නිකුත් කරන්නැයි යුද අධිකරණයට ඉල්ලීමක්
ගාසා තීරයේ යුද අපරාධ සිදුවූ බවට විශ්වාස කළ හැකි සාධක පවතින බැවින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට්, හමාස් සංවිධානයේ නායකයන් වන ඉස්මයිල් හනියා, මොහොමඩ් අල් මස්රි, ගාසා තීරයේ හමාස් නායක යහ්යා සින්වාරි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා සිට අපරාධ සිදු කළ බවට හමාස් නායකයන්ද, ඔක්තෝබර් මස 8 වැනිදා සිට අපරාධ සිදු කළ බවට ඊශ්‍රායල නායකයන්ද අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන අභිචෝදක ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු බලාපොරොත්තු වන බව වැඩිදුරටත් වාර්තා වේ.